Connect with us

පුවත්

ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න තීරණයක් නෑ!

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡා පවත්වා නැති බවත් ඒ පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන නැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමට යෝජනා පමණක් ඉදිරිපත් වී ඇති බව ද ඔහු මෙහිදී පැවසීය.

ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් හි වෘත්තීය සමිති විසින් චෝදනා කර තිබුණේ ලාභ ලබන ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් හට විකිණීමට රජය සැරසෙන බවයි.

සබැඳි පුවත් :
ටෙලිකොම් ඉන්දියාවට; අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

Continue Reading

පුවත්

ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා විජේදාස – මෛත්‍රී

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එකගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම මම කිව්වා මම ආයෙමත් තරගකරන්නේ නෑ කියලා. විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නේ, අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ.”

මූලාශය – අද දෙරණ

Continue Reading

පුවත්

වතු කම්කරු දෛනික වැටුප 70%කින් ඉහල දමයි!

Published

on

By

තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් ඉහළ නංවමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

කම්කරු කොමසාරිස්ජනරාල් එච්. කේ. කේ. ඒ ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රයට අනුව ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට නියමිතය. 

මේ වන විට තේ සහ රබර් කර්මාන්තයේ නියුතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 කි. 

එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 වැනිදාට පෙර දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනය පහතින්

Continue Reading

පුවත්

බස් ගාස්තුවේ වෙනසක්?

Published

on

By

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved