Connect with us

පුවත්

අවසානයේ ඇෆ්ගන් පරද්දයි!

Published

on

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය.

චරිත් අසලංක ද ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟිනි.

දසුන් ශානක හතරේ පහර 5ක් සමඟ ලකුණු 43ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රහිමී සර්දන් ලකුණු 162ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් ඇතුළත් විය.

නජිබුල්ලා සර්දන් පන්දු 76කදී ලකුණු 77ක් රැස්කළේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් දවාගත්තේය.

ශ්‍රී ලංකාව මෙම තරගය ජයගැනීමත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමවිය.

පුවත්

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදයි

Published

on

By

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදට (17) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ  “තිරසාර සංවර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදනය” යන්නයි.

විශේෂයෙන් තොරතුරු සමාජ දියුණුව සදහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ දායකත්වය අද දිනයේදී සිහිපත් කෙරේ.

සෑම වසරකම මැයි මස 17වනදා මෙම දිනය යොදා ගෙන ඇත්තේ 1865 වසරේ මැයි මස 17වනදින පළමු ජාත්‍යන්තර විදුලි සංදේශ පණිවුඩ සම්මුතියට පැරීසියේ දී අත්සන් තැබීම පදනම් කර ගෙනය.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය බිහිවීම ද එදින සිදුවිය. 

Continue Reading

පුවත්

ඇමති ප්‍රසන්න පෝටර් කෙනෙකුට ගැහුව සිද්ධිය ගැන CCTV පරික්ෂාවට

Published

on

By

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා විසින් කනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ CCTV පරික්ෂා කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට අමාත්‍යවරයා තමා පෝටර්වරයා‍ට කනේ පහරක් ගැසු බව පිළිගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් 14 වැනිදා අලුයම් කාලයේ සිය බිරිය සහ ඇමති ආරක්ෂකයින්ද සමඟ කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඇත්තේ බිරිඳ විදේශ ගත කිරීම සඳහා බව පැවසේ.

ගුවන් තොටුපළේ ප්‍රධාන දොරටුවෙන් රාජ්‍ය ඇමතිවරයා ගිනි අවි අතැති ආරක්ෂකයින් සමඟ ඇතුල් වීමට උත්සාහ කිරීමේදී එසේ ගිනි අවි සමඟ ඇතුල් වීමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍යඇමතිවරයාට පවසා තිබේ.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරීන්ට බැණ වැදී ඇති බවද පැවසේ. 

මේ අතර ඔහුගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට ප්‍රසන්න රණවීර මහතා පහරදීමක් සිදු කර තිබේ.

ඊට හේතු වී ඇති පෝටරවරයාට ගෙවිය යුතු වූ රුපියල් දහසක මුදල වෙනුවට ඔහු විසින් රුපියල් හත්සීයක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් පෝටර් සිය විරෝධය පළ කිරීම බවද කියැවේ. 

ගුවන් තොටුපළේ සේවා සපයන පෝටර්වරයකුට රුපියල් දහසක මුදලක් ගෙවිය යුතු බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයා කම්මුල් පාරක් එල්ල කිරීමෙන් පසු ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිට වගොස් ඇත. 

පහර කෑ පෝටර්  ගුවන්තොටුපොල  පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත ඔහු කුරුණෑගල අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පැවසේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය “අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත”.

අදාළ පැමිණිල්ල  කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේ එම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.

එහෙත් කුමන හෝ හේතුවක් මත එම තැනැත්තා ඉන්පසුව පොලිසියට ගොස් නොමැති බවද වාර්තාවේ.

කෙසේවුවද, කට කතා පැතිර ඇත්තේ පොලිසි ගියහොත් අදාළ පහර කෑ තැන්තාගේ රැකියාව මාස 6කට නැති කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා කර ඇති තර්ජනයකට බියෙන් ඔහු පොලිසිය‍ට යාමෙන් වැලැකී ඇති බවයි.

ඉකුත් මැයි 09 වැනිදා සිද්ධියේදී ප්‍රසන්න රණවීර ඇමතිවරයාගේ නිවසද කලහකාරීන් විසින් ගිනිතබා තිබිණි.

Continue Reading

පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

Published

on

By

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදිය.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඒ බව දැනුම්දෙයි.

මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම්දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved