Connect with us

පුවත්

අපනයන බදු වැඩිකිරීම ගැන විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉල්ලයි!

Published

on

පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව  අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කර තිබේ.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පෙරේදා (28) සලකා බැලූ අවස්ථාවේදී  කමිටු සභාපතිවරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

දැනට පවතින අපනයන භාණ්ඩ සදහා අයකරන 14% ක බද්ද 30% දක්වා වැඩි කිරීමේදී එමගින් අපේක්ෂිත ආදායම කොපමණද යන්න එක් එක් අංශවලට අදාළ ව වෙන වෙනම දක්වන ලෙස ද කාරක සභාව  මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම මීට පෙර පැවැති බදු ප්‍රතිශතයන් යටතේ ඒ ඒ අපනයන අංශ යටතේ ලබා ගත් ආදායම කොපමණද යන්න පිළිබදවද  සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.

අපනයන බදු ඉහළ නංවා රජයේ ආදායම වැඩි කර ගැනීම සදහා  කෙටි කාලීනව දරන උත්සහය වෙනුවට දුර දිග බලා ක්‍රියා කළ යුතු බවත්, මෙරටට ඩොලර් රැගෙන එන අපනයනකරුවන් අධෛර්මත් නොවන ලෙස අපනයන බදු අය කර ගැනීම සිදු කළ යුතු බවත්  කමිටුව පෙන්වා දුන්නේය. එබැවින් මෙම අපනයන බදු ප්‍රතිශත පහත හෙළීම පිළිබදව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී හෝ සළකා බැලීම කළයුතු බව ද කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.  

එසේම යෝජිත පුද්ගල ආදායම් බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් කලාපීය අනෙකුත් රටවල පවතින තත්ත්වයන් සමග සංසන්දනාත්මකව වි‍ශ්ලේශනයක් ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මේ අනුව උක්ත නි‍ර්දේශවලට යටත්ව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

කැසිනෝ නියාමනයට වෙනම නියාමන අධිකාරියක්

කැසිනෝ නියාමනයට අදාළ වෙනම ආයතනයක් නොතිබීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ වන විට කැසිනෝ ව්‍යාපාරය සදහා අවශ්‍ය නෛතික විධිවිධාන සැපයීමට  2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත පැවතියද අදාළ ආදායම් අයකරගැනීම ඇතුළු නියාමන කටයුතු සදහා එය ප්‍රමාණවත් නොවන බවත් ඒ අනුව නෛතික සංශෝධන මගින් වෙනම නියාමන අධිකාරියක් පිහිටවිය යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය.  මේ අනුව මේ සම්බන්ධයෙන් පෙර දැනුම්දුන් පරිදි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසද  මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කමිටුව දැනුම් දුන්නේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන රමිත බණ්ඩාර තෙන්නකෝන්, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එම්. ඒ සුමන්තිරන්, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

මීනී පෙට්ටි 50ක් බණ්ඩාරගම පොලිසියට ගෙනියයි

Published

on

By

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.

එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.

අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි පොහොට්ටුව නැවත ජනපතිගෙන් ඉල්ලයි

Published

on

By

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් තබන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙයට පෙරද පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.

මේ අතර, පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන බවයි.

සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved