Connect with us

ක්‍රීඩා

ක්‍රිකට් පිලේ වැඩ හොයන්න ඇමතිගෙන් කමිටුවක්

Published

on

ICC පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ.

මේ වසරේ ඔක්තෝබර් 16 – නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ මෙම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ද සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අය පත් කර තිබේ.

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පුර්ව වටයට

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමග ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් විය.

ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා  කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණෛ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගවටයේ දී ලබාගත් තෙවන ජයග්‍රහණය මෙය යි.

Continue Reading

ක්‍රීඩා

වසීම් අක්‍රම් විශේෂ පුහුණු සැසියකට එයි

Published

on

By

හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ජාතික ක්‍රීඩකයින් සඳහා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ ඒකකයේ හා ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එහිදී අද (01) උදෑසන මෙරටට පැමිණි අක්‍රම්, ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු ඇකඩමිය, උසස් තාක්ෂණ ඒකකය හා ප්‍රධාන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් ආවරණය වන පරිදි සැසි පහක් පවත්වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම, ඔහු එළැඹෙන ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින්ගේ සූදානම ද නිරීක්ෂණය කිරීමට නියමිතයි. 

මෙම පුහුණු වැඩසටහන හෙට ඇරඹීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ

Published

on

By

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි විසිනි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරඟ තරඟ  පිටියේදී පැවැත්වෙන අතර පළමු තරඟය කටාර් සහ කසකස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved