Connect with us

පුවත්

කතානයකගෙන් විපක්ෂයට දෝස්මුරයක් (වීඩියෝ)

Published

on

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02දා) පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම බව කතානායකවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පැවසීය.

“”ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා… ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ… ඒක ඉතා කනගාටුවට කාරණයක්… කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම.”

(වීඩියෝ : අදදෙරණ)

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

පුවත්

“කටුනායක සිද්ධියට අදාල සමාගම ඉන්දීය එකක් නෙමෙයි”

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු…මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ,” යැයි එම නිවේදනයෙන් දැක්වේ.

Continue Reading

පුවත්

වරායෙන් වාර්තාවක්

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි

පසුගිය වසරේ පළමු කාර්තුවේදී  බහාලු  මෙහෙයුම් ප්‍රමාණය441,032 කි. මෙම වසරේ ප්‍රමාණය 652766කි. එහි වර්ධනය ප්‍රතිශතයක් ලෙස  සියයට 48කි.

මෙම වසරේ පළමු මාස තුන තුළදී ප්‍රතිනැව්ගත කළ බහාලු ප්‍රමාණය 582403ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට අනුව සාපේක්ෂව සියයට 49.81,ක් බව එම අධිකාරියේ සන්නිවේදන හා ජන සම්බන්ධා කොට්ඨාසයේ ප්‍රධාන කළමනාකරු චිත්‍රාල් ජය වර්ණ මහතා පැවසීය.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved