Connect with us

පුවත්

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි (Update)

Published

on

වසර 2021 උසස්පෙළ විභාගයට අදාල විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.

ඒ පිළිබඳව තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකි වේ.

——

(පෙරපුවත :     2022 දෙසැම්බර් 02, පෙ.ව. 10:55  )

උසස් පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

වසර 2021 උසස්පෙළ විභාගයට අදාල විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (02) පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ පිළිබඳව තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකි වේ.

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පුර්ව වටයට

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමග ය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් විය.

ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා  කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 87ක් පමණෛ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගවටයේ දී ලබාගත් තෙවන ජයග්‍රහණය මෙය යි.

Continue Reading

පුවත්

ඩුබායි කපිලගේ මත්ද්‍රව්‍ය තොගයක් ජපුර සරසවිය අසලින්

Published

on

By

සංවිධානාත්මක අපරාධකරු ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ වැටලීමක දී ය.

සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදල් ද වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ඉන්දු ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි; ප්‍රවේශපත්‍ර ඔන්ලයින් ගත හැකියි

Published

on

By

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව ස සඳහන්ය.

එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60ක ගමන් මලු එමඟින් රැගෙන යාමට අවස්ථාව හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved