Connect with us

පුවත්

අඩුම ලංසුකරු සිටියදී නබිකාසිම්ලාගෙන් බෙහෙත් අරන් SPCඑක මිලියන 17ක් රජයට පාඩුකරලා

Published

on

ගැබිනි මව්වරුන්ගේ ලිංගාශ්‍රිත රෝග සඳහා භාවිත කරන Dinoprostone vaginal tablet 3mg ඖෂධ 38000 ක් මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුගෙන් ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් කර තිබේ.

ටෙන්ඩර අංක DHS/P/WW/254/25 යටතේ මෙම ඖෂධ ටෙන්ඩරය කැඳවා තිබේ.

මේ සඳහා අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ක්ලින්ටාස් පුද්ගලික සමාගම (Klintas (Pvt) Ltd.) රුපියල් 1190.00 එක් පෙත්තක් මිල ලබාදී ඇති අතර ඒ සඳහා වූ මුළු මුදල රුපියල් මිලියන 45කි.

පෙත්තක් රුපියල් 1628.54 බැගින් පාකිස්තානයේ කරච්චි හි පිහිටි නබිකාසිම් (Nabiqasim) නැමැති සමාගම මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර එහි මුළු මුදල රුපියල් මිලියන හැට එකකි.

මෙම ටෙන්ඩරය ටෙන්ඩර් මණ්ඩලය අනුමත කර ඇත්තේ වැඩි ලංසුවක් ඉදිරිපත් කළ නබිකාසිම් (Nabiqasim) නැමැති සමාගමට ලබා දීමට අදාළ පැමිණිල්ල සිදුකර ඇති එම ඖෂධයට අඩු ලංසුවක් ඉදිරිපත් කළ ක්ලින්ටාස් පුද්ගලික සමාගම (Klintas (Pvt) Ltd.) පෙන්වා දී තිබේ.

එමගින් රුපියල් මිලියන 17ක පාඩුවක් සිදුවී ඇති බවද එහි සඳහන් වෙයි.

ඖෂධ ටෙන්ඩර ලබාදීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමට පෙර තත්ත්වයෙන් බාල වී ඇත්දැයි සෙවීමටද රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරයි.

මෙම ටෙන්ඩරය අනුමත කර ඇත්තේ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් බවද පැවසේ.

මෙම පැමිණිල්ල නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති හංසක විජයමුණි, සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ සංස්ථාවේ සභාපති මනූජ් වීරසිංහ යන මහත්වරුන්ට ද යොමුකර තිබේ.

එසේම මේ සඳහා මුල් පැමිණිල්ල සිදුකර ඇත්තේ ඉකුත් පෙබරවාරි 18 වැනිදා වන අතර එයට නිසි පරීක්ෂණයක් හෝ අවදානයක් යොමු නොවීම නිසා පසුගිය මාර්තු 06 වැනිදා නැවත සිහි කැඳවීමක්ද සිදුකර ඇත.

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading

පුවත්

ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගැන සී.අයි.ඩී. පරීක්ෂණ

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර ‘බැගේජ්’ මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි පසුගිය සිකුරාදා (04 වැනිදා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පැපරින් එන්නත ලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට ජාතික සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

පැපරින් නම් එන්නත රුපියල් 76,000 ට වෙළෙඳපොළෙහි අලෙවි වන අතර එය රුපියල් 321 කට ලබාගැනීමට හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පසුගියදා අනාවරණය කළත් එම මුදලට මෙතෙක් එම එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන නොමැත.

මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්, ඖෂධ ආනයනකරුවන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද සිකුරාදා (04 වැනිදා) පැවැත්විණි.

එහිදී ද අදාළ ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කළේ එන්නත රුපියල් 321 කට ගත හැකි බවයි.

මේ අතර මෙම එන්නත ඇතුළු තවත් එන්නත් හා ඖෂධ ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් සිය ගමන්මලුවල රැගෙන එන බවට තොරතුරු ලැබී ඇති බවද ඖෂද ආනායනකරුවන් මෙහිදී පෙන්වා දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved