ගැබිනි මව්වරුන්ගේ ලිංගාශ්‍රිත රෝග සඳහා භාවිත කරන Dinoprostone vaginal tablet 3mg ඖෂධ 38000 ක් මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුගෙන් ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් කර තිබේ.
ටෙන්ඩර අංක DHS/P/WW/254/25 යටතේ මෙම ඖෂධ ටෙන්ඩරය කැඳවා තිබේ.
මේ සඳහා අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ක්ලින්ටාස් පුද්ගලික සමාගම (Klintas (Pvt) Ltd.) රුපියල් 1190.00 එක් පෙත්තක් මිල ලබාදී ඇති අතර ඒ සඳහා වූ මුළු මුදල රුපියල් මිලියන 45කි.
පෙත්තක් රුපියල් 1628.54 බැගින් පාකිස්තානයේ කරච්චි හි පිහිටි නබිකාසිම් (Nabiqasim) නැමැති සමාගම මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර එහි මුළු මුදල රුපියල් මිලියන හැට එකකි.
මෙම ටෙන්ඩරය ටෙන්ඩර් මණ්ඩලය අනුමත කර ඇත්තේ වැඩි ලංසුවක් ඉදිරිපත් කළ නබිකාසිම් (Nabiqasim) නැමැති සමාගමට ලබා දීමට අදාළ පැමිණිල්ල සිදුකර ඇති එම ඖෂධයට අඩු ලංසුවක් ඉදිරිපත් කළ ක්ලින්ටාස් පුද්ගලික සමාගම (Klintas (Pvt) Ltd.) පෙන්වා දී තිබේ.
එමගින් රුපියල් මිලියන 17ක පාඩුවක් සිදුවී ඇති බවද එහි සඳහන් වෙයි.
ඖෂධ ටෙන්ඩර ලබාදීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමට පෙර තත්ත්වයෙන් බාල වී ඇත්දැයි සෙවීමටද රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරයි.
මෙම ටෙන්ඩරය අනුමත කර ඇත්තේ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් බවද පැවසේ.
මෙම පැමිණිල්ල නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති හංසක විජයමුණි, සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ සංස්ථාවේ සභාපති මනූජ් වීරසිංහ යන මහත්වරුන්ට ද යොමුකර තිබේ.
එසේම මේ සඳහා මුල් පැමිණිල්ල සිදුකර ඇත්තේ ඉකුත් පෙබරවාරි 18 වැනිදා වන අතර එයට නිසි පරීක්ෂණයක් හෝ අවදානයක් යොමු නොවීම නිසා පසුගිය මාර්තු 06 වැනිදා නැවත සිහි කැඳවීමක්ද සිදුකර ඇත.