ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.
එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.
කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.
මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.
ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.
ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.
එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.
මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.
ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.