Connect with us

කලා

නෝරා සමග යොහානි ගේ මැණිකේ යළිත් නෙට් එක රත් කරයි (වීඩියෝ)

Published

on

‘තෑන්ක් ගෝඩ්’ බොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදය අද (16) දිනයේදී එළිදක්වා තිබේ.

T-series සංගීත ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම ගීතය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත තරුවක් බවට පත්වී ඇති යොහානි සිල්වා මෙන්ම ජුබින් නෞටියාල් හා සූර්යා රඝුන්නාදන් විසින් ගායනය කර ඇති අතර, එහි සංගීතය සිදුකර ඇත්තේ තනිෂ්ක් බාග්චි හා චමත් සංගීත් විසිනි.

මෙම ගීතයේ රූප රාමු වලට බොලිවුඩ් පුරයේ දිදුලන තරු ත්‍රිත්වයක් වන අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා හා නෝරා ෆටෙහි එක්ව සිටියි.

මෙම ගීතය යූටියුබ් ඔස්සේ එළිදක්වා පැය 4ක කාලයක් තුළදී මිලියන 02කට වැඩි පිරිසක් විසින් මෙය නරඹා තිබේ.

කලා

එකම වේදිකාවක සම්මානනීය වූ තාත්තයි දුවයි

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය.

ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්‍රියේදීයි.

එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය.

ඒ, ”Pride of Global (Music) 2022” සහ ”Global Icon (Music) 2023” යන සම්මාන ද්විත්වයටයි.

BWIO විසින් සංවිධානය කරන ලද මෙම විශිෂ්ටතා සම්මාන උළෙල ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයින් ඇගයීම උදෙසා ක්‍රියාත්මක වන්නකි.

Continue Reading

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved