Connect with us

කලා

ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් දැයෙන් සමු ගනී

Published

on

ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.

කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ඒ මහතා, ජනාදරය දිනූ නවකතා 68 ක් සහ තවත් කෘතීන් ගණනාවක් පමණ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළේය.

ඔහුගේ පළමු කෘතිය වූ “ආදර ගඟ ගලන දෑස” නවකතාව 1968 වසරේදී පළ වූ අතර ඔහු සිය ලේඛන දිවියේ 70 වසරක් තුළ ලියූ නවකතා ගණන 68 කි.

‘සිත්තරෙකුට පෙම් බැඳ’, ‘දෙමස්සිනෝ’, ‘මිහිඳුම් සළු’, ‘රන තිසරු’, ‘නොමැරෙන මිනිස්සු’, ‘සොල්දර ගෙදර’, ‘අග මෙහෙසිය’, ‘කුමාරිහාමි’, ‘වක්කලම’, ‘පටලැවිල්ල’, ‘වජිරපාණි’, ‘රූමතිය’, ‘බකිනි මල’, ‘රන් තරුව’, ‘පංචකල්‍යාණි’, ‘සුන්දර සහ දේවින්ද’, ‘පිනි පලස’, ‘ස්වරණ වර්ණ’, ‘උරචක්‍රමාලය’, යන කෘතීන් ඔහු විසින් රචනා කළ කෘතීන් අතර වේ.

“කුමාරි හාමි”නව කතාව සඳහා 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවූ අතර කුමාරි හාමි ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවයි.

ඒ වගේම නොමැරෙන මිනිස්සු, කස්තිරස, නිකිණි වැස්ස, දහස්ගව්දුර(සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ ඔහුගේ නවකතාවන්ය.

1936 වසරේ මාර්තු මස 20 වැනිදා ඔහු උපත ලැබූ ඔහු කලුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු බෝඹුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කලුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත්ව විය.

ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ දේහය ගම්පහ කිරිදිවැල නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු කිරිදිවැල පොදු සුසාන භූමියේදී සෙනසුරාදා (24) සවස සිදුකිරීමට නියමිතයි.

කලා

එකම වේදිකාවක සම්මානනීය වූ තාත්තයි දුවයි

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය.

ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්‍රියේදීයි.

එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය.

ඒ, ”Pride of Global (Music) 2022” සහ ”Global Icon (Music) 2023” යන සම්මාන ද්විත්වයටයි.

BWIO විසින් සංවිධානය කරන ලද මෙම විශිෂ්ටතා සම්මාන උළෙල ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයින් ඇගයීම උදෙසා ක්‍රියාත්මක වන්නකි.

Continue Reading

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved