Connect with us

විදෙස්

සත්වසරකට පසු ඉරාන – සෞදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි අරඹයි

Published

on


සත්වසරකට පසුව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට ඉරානය සහ සෞදි අරාබිය තීරණය කර තිබේ.

දෙරට විසින් මෙම තීන්දුවට එළැඹ ඇත්තේ දින 4ක් පුරාවට චීනයේදී පැවති සාකච්ඡා වලින් අනතුරුවයි.

රියාද් අගනුවරදී ජනප්‍රිය ෂියා මුස්ලිම් පූජකයෙකු මරණයට පමුණුවීමෙන් පසුව ඉරානයේ ටෙහෙරාන් හි පැවති සවුදි තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් කඩාවැදීමෙන් පසුව, ඉරානය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවැත්වීමට සෞදි අරාබිය තීරණය කර තිබුණි.

මාස දෙකක් තුළදී දෙරට අතර තානාපති කාර්යාල යළි විවෘත කිරීමටද මෙහිදී එකඟ වී තිබේ.

මෙම සබඳතා යළි ස්ථාපනය කිරීමට ගත් තීන්දුව මෙන්ම ඒ සඳහා චීනය විසින් ඉෂ්ඨ කළ කාර්යභාර්යද, ඕමානය හා ඉරාකය විසින් ගත් උත්සහ ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.

විදෙස්

මෝදි තම ඡන්දය ප්‍රකාශ කරයි

Published

on

By

අදියර 7ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (07) උදෑසන ආරම්භ විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ, අහ්මදාබාද් නුවර, රානිප් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි නියෝජනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ද විශිෂ්ට අයුරින් ජය ගැනීමට සූදානම් වන අතර මෝදි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් පසුවෙයි.

Continue Reading

විදෙස්

ෂී – මැක්‍රොන් – උර්සුලා පැරිසියේදී හමුවෙයි

Published

on

By

මේ වන විට යුරෝපා සංචාරයක නිරත ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (මැයි 06) දිනයේදී පැරිසියේ එලිසී මාලිගයේදී ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.

මෙම සාකච්ඡාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය වන උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය ද එක්විය.

මොවුන් හමුවීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කර ඇති චීන ජනාධිපතිවරයා, මෙම ත්‍රෛපාර්ශ්වික හමුව, යුරෝපීය මට්ටමෙන් මෙම සංචාරයට වැඩි වැදගත්කමක් එක්කරන බවත් පවසා ඇත.

චීනය සැමවිටම යුරෝපා සංගමය සමඟ ඇති සබඳතාවලට ප්‍රවේශ වන්නේ මූලෝපායික හා දිගුකාලීන ඉදිරිදර්ශනයකින් වන බවත්, චීනය විසින්, සිය නවීකරණත්වය කරා යන මාවතේ වැදගත් හවුල්කරුවෙකු ලෙස යුරෝපය සලකන බවත් ෂී මහතා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත.

මේ අතර, X පණිවිඩයක් නිකුත් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසා ඇත්තේ වසරකට වඩා තරමක කාලයක් තුළ තෙවැනි වරටත් චීන ජනාධිපතිවරයාව හමුවූ බවත්, එය එකිනෙකා හා එකඟ විය හා එකඟ විය නොහැකි කරුණු පිළිබඳ විවෘත හා අවංක අදහස් හුවමාරු කරගැනීමක් වූ බවත්ය.

භූ දේශපාලනික ගැටළු, ආර්ථික සබඳතා හා දේශගුණික විපර්යාස ඇතුළු මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුනු බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ඊයේ දිනයේ පැරිස් අගනුවරට ළඟාවිය. අද දිනයේදී ඔවුන්ව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් උත්සවාකරයෙන් පිළිගෙන තිබුණි.

මේ, 2024 වසර තුළ සිදුවන චීන ජනපතිවරයාගේ පළමු විදෙස් සංචාරය වන අතර, මෙය පස්වසරක කාලයක් තුළදී ඔහු ගේ දෙවැනි ප්‍රංශ සංචාරයයි. 

මෙම වසරේදී චීනය හා ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සැපිරීම තවත් විශේෂත්වයති.

මෙම සංචාරයෙන් පසුව චීන ජනපතිවරයා විසින් සර්බියාවේ හා හංගේරියාවේ ජනපතිවරුන් ගේ ආරාධනා මත එම රටවලද නිල සංචාර වල නිරත වීමට නියමිතය.

ඔහු සමග චීන ජනපති ආර්යාව වන පං ලීයුවැං මහත්මියද, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු වන ත්සයි චී මහතා හා චීන විදේශ ඇමති වන වාං යී මහතාද මෙම සංචාරයට එක්ව සිටියි.

Continue Reading

විදෙස්

ඊශ්‍රායලයේ Al Jazeera අත්හිටුවයි

Published

on

By

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අල් ජසීරා පුවත් සේවය හමාස් සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ හේතුවෙන් ගාසා යුද්ධය අවසන් වන තෙක් ඊශ්‍රායලයේ අල් ජසීරා මෙහෙයුම් අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහු පැවැසුවේය.

ජෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වාගෙන ගිය අල් ජසීරා කාර්යාලය ඊයේ(05) එරට පොලිසිය සෝදිසි කර තිබූ බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම සෝදිසි කිරීම ඊශ්‍රායල පොලිසිය කර තිබූ බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගැනීමට සූදානම් බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පැවැසීම කිසිඳු පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.

අල් ජසීරා පුවත් සේවයේ කාර්යාලයේ කළ සෝදිසි කිරීමේදී එම පුවත් සේවයට අයත් උපකරණ ඊශ්‍රායල පොලිසිය සිය බාරයට ගෙන ඇති බවද එරට සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කාර්හි ප්‍රකාශ කළේය.

ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වා ගෙන ගිය අල් ජසීරා කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍යාංශය එක්ස් සමාජ මාධ්‍ය වෙත උඩුගත කර තිබිණි.

( ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved