Connect with us

ඡායාරූප සටහන

චීන නැව හම්බන්තොට වරායට පැමිණෙයි (ඡායා)

Published

on

ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මතය.

එම නෞකාව වරාය වෙත ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදාය.

ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දැමිණි.

ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය.

මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපතිවරයා වන චී ජ’න්හොං, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා දෙස් විදෙස් මාධ්‍ය සහභාගී විය.

මෙහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ චීන තානාපතිවරයා පැවසුවේ 2014 වසරේදිත් මේ වර්ගයේ චීන නෞකාවක් කොළඹ වරායට පැමිණි බවත්, මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක් බවත්ය.

ආරක්ෂක සහ ආර්ථික අවදානමක් මතු කරමින් ඉන්දියාව මෙම නෞකාවේ චාරිකාවට විරුද්ධත්වය පළ කළ බවත් ඒ බව සිය අදහස් විමසූ විට තානාපතිවරයා පවසා තිබුණේ ඒ ප්‍රශ්නය යොමු කළ යුත්තේ ඉන්දීය මිතුරන්ට බවයි.

“මේ නෞකාව ප්‍රමාද කිරීමට හේතුව මම දන්නේ නැහැ. මම හිතන්නේ එය ජීවිතයේ නියමය වෙන්න ඇති,” යැයි ඔහු පැවසීය.

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දියාවෙන් කෘත්‍රිම අත්පා කඳවුරක් (ඡායා)

Published

on

By

ශ්‍රී ලාංකික ප්‍රතිලාභින් 1000 දෙනෙකුට කෘත්‍රිම අත් පා ලබා දීම සඳහා වන කඳවුරක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (07) ගම්පහ රණවිරු සේවා අධිකාර පරිශ්‍රයේදී සමාරම්භ කරන ලදී. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම කඳවුර කොළඹ සහ වවුනියාවේ දී දෙමසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සෙත සැලසෙනු ඇත. සිවිල් ප්‍රතිලාභීන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සහය ඇතිව තෝරා ගන්නා ලදී.

මෙම කඳවුර සඳහා ඉන්දීය රජය සහයෝගය ලබා දෙන අතර එය පවත්වනු ලබන්නේ කායික වශයෙන් අබාධ සහිත අයගේ කායික සහ සමාජ ආර්ථික පුනරුත්ථාපනය උදෙසා කටයුතු කරන ඉන්දීය රාජ්‍ය නොවන සංවිධානයක් වන භග්වාන් මහාවීර් විකලාංග් සහායත සමිතිය (BMVSS) විසිනි. ජයිපූර් නගරය පදනම් කරගත් මෙම රාජ්‍ය නොවන සංවිධානය 1975 දී ආරම්භ කරන ලද අතර එය කෘත්‍රිම අත් පා සහ වෙනත් අවශ්‍ය සහය සම්බන්ධයෙන් ආබාධිත අය සඳහා පවතින ලොව විශාලතම සංවිධානය වේ.

BMVSS සංවිධානය මෙයට පෙර ද එනම් 2010 මාර්තු – අප්‍රේල් වවුනියාවේ දී; 2011 සැප්තැම්බර් යාපනයේදී සහ 2022 පෙබරවාරි කොළඹ සහ යාපනයේදී මෙවන් කඳවුරු පවත්වන ලදී. මෙම කඳවුරුවලින් 3100කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමි වූ අතර 2200කට අධික පිරිසකට ‘ජයිපූර් පාද’ හිමි විය.

සමාරම්භක අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ ගැඹුරු සහ අචල කැපවීම අවධාරණය කළේය. කෘත්‍රිම අත් පා කඳවුර ජනතා ජීවිතවලට දැනෙන සුබවාදී බලපෑමක් සිදු කරීමට ඉන්දියා  – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගන්නා අප්‍රතිහත උත්සහය පිළිඹිබු කරයි.

Continue Reading

ඡායාරූප සටහන

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වෙයි (වීඩියෝ / ඡායා)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. 

මෙහිදී අදහස් දැක්වූ ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසා තිබුණේ ඉරාන ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බවයි. ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත්, ඉරානයේ සහාය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යනු මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්‍යාපෘති වලින් එකකි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

(වීඩියෝ / ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

ඉරාන ජනපති මෙරටට පැමිණෙයි (ඡායා)

Published

on

By

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය. 

ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved