පුවත්

ඉන්දියානු රාජ්‍ය බැංකුවේ නවතම ශාඛාව ත්‍රි’ මලේ විවෘත වේ

Published

on

තෙදින නිල සංචාරක දිවයිනට පැමිණ සිටින ඉන්දියානු මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුව අද (02) දිනයේදී විවෘත කළාය.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා, මෙරට සිටින ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හා ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති – දිනේෂ් කුමාර් ඛාරා මහතා එක්විය.

බැංකුව විවෘත කිරිමෙන් අනතුරුව, එහි කාර්යමණ්ඩලය හා කතා බස් කරමින් නව ගණුදෙනුකරුවන්ට පාස්පොත් ලබාදීමටත්, අමුත්තන්ගේ පොතේ සටහනක් තැබීමටත් සීතාරාමන් මහත්මිය කටයුතු කර තිබේ.

අනතුරුව මෙම පිරිස චිනවරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක ද නිරත වූ බව වාර්තා වේ.

සබැඳි පුවත් :

ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී මහබෝධියේ උඩමළුවටම ගොස් වැඳ පුදාගනියි (ජායා)

Trending

Exit mobile version