තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු උඩරට එළවලුවල තොග මිල අද ඉහළ අගයක් ගෙන තිබේ.
ඒ අනුව , කැරට් කිලෝවක තොග මිල සදහන්ව තිබුණේ රුපියල් 1,000ක් ලෙසයි.
කෙසේ වෙතත් පහතරට එළවලු මිල ගණන් යම් අඩුවීමක් දක්නට ලැබිණ.
තක්කාලි, දෙහි කිලෝවක තොග මිල රුපියල් 80 සීමාවේ පැවති බව සදහන්ය.
එමෙන්ම, කරවිල කිලෝවක තොග මිල රුපියල් 450 ත් 500 ත් අතරත්, වම්බටු කිලෝවක් රුපියල් 350 ත් 400 ත් අතරත්, වැටකොලු කිලෝවක් රුපියල් 250ත් 300 ත් අතරත් සටහන් විය.