නිල් පැහැ කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් ට්විටර් සමාජ මාධ්‍යයේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් රූපයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබේ.
මෙම වෙනස සිදුවී ඇත්තේ ට්විටර් වෙබ් අනුවාදයේය.
‘Doge’ මීම් එක ලෙස ජනප්‍රිය වූ මෙම රූපය Dogecoin නම් ක්‍රිප්ටෝ මුදලේ සංකේතයයි.
මේ සමග Dogecoin හි වෙළඳපොල අගය 30%කින් පමණ ඉහළ ගොස් ඇති බවද ‘බ්ලූම්බර්ග්’ වාර්තා කරයි.
මස්ක් Dogecoin ක්‍රිප්ටෝ මුදල් ඒකකයට සහය දක්වන්නෙකු වන අතර, ගණුදෙනු වලදී තමාට අයත් ටෙස්ලා සමාගම විසින් මෙම මුදල් ඒකකය පිළිගන්නා බවද ඔහු බවසා ඇත. ඉදිරියේදී තමාට අයත් SpaceX සමාගමද එය සිදුකරනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.