පුවත්

පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන 

Published

on

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පඬුරු පෙට්ටියට නොදා කපුවන්ගේ වට්ටියට දාගත් කපුවන් පොලිසියට අල්ලා දුන් බස්නායක නිලමේ ඩිල්ෂාන්  වික්‍රමරත්න ගුණසේකර මහතාට එම පැමිණිල්ල ඉවත්කර ගන්නා ලෙස දේශපාලන අධිකාරිය ඇතුළු විවිධ පාර්ශවවලින් බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.

කතරගම මහා දේවාලයේ පඬුරු ගැන පහුගිය කාලේ රටම කතා වෙන්න පටන් ගත් සිද්ධියක් වන අතර බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා එම පඬුරුවලින් රෝහල් හදන්න පටන් ගැනීමත් සමඟ එම මාතෘකාව වෙනත් පැත්තකට යොමුව තිබිණි.

මෙතෙක් කාලයක් කතරගම දේවාලයේ කපුවන්ට සින්න වෙලා තිබුණු පඬුරු මුදල් එයින් පස්සේ ඇත්තටම කතරගම දෙවියන්ට පින් පිණිස බැතිමතුන් එම සත්කාරයට වැඩි වැඩියෙන් පූජා කළ අතර කපුවන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට හතේ හත වැදුණි.

කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කරන පඬුරු කපු මහතුන් අතට නොදී එහි ඇති පඬුරු පෙට්ටියට, එහෙමත් නැතිනම් “මුදල් ආධාර පෙට්ටියට” දාන්නය කියලා බස්නායක නිලමේතුමා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම ඉල්ලීමක් ද කළේය.

එසේ ලැබුණු පඬුරු මුදල් පළවෙනි වතාවට විගනන කිරීමට ද නිලමේවරයා කටයුතු යොදනු ලැබීය.

කෙසේවුවද, බස්නායක නිලමේ තුමාගේ අදාළ නිවේදනයත් සමඟ කතරගම කපුවන් අලුත් ක්‍රමයක් අනුගමනය කිරීමට කටයුතු කර තිබිණි.

ඒ පඬුරු දාන්න මුදල් ආධාර පෙට්ටිය ළඟට පැමිණෙන බැතිමතුන්ට ඔවුන්ගේ මුදල් පෙට්ටියට දැමීමට ඉඩනොදී ඔවුන් විසින් තබන ලද වට්ටියකට දැමීමට බලපෑම් කිරීමයි.

මේ බව ආරංචි වූ බස්නායක පොලීසියට මේ ගැන පැමිණිල්ලක් සිදුකර තිබිණි.

ඒ පඬුරු පෙට්ටිය අයිති බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට වීම නිසාය.

එසේම එම පඬුරු පෙට්ටියේ යතුරු ඇත්තේ ද විගණන නිලධාරීන් ළඟ පමණක් වීම බැවිණි.

පඬුරු පෙට්ටියට යා යුතු මුදල් ඊට යන්න නොදී අවහිර කර කවුරුන් හෝ තමන් අතට ගන්නේ නම්  එය සාපරාධී සාවද්‍ය පරිහරණය කියන වරදට වැටෙන බැවින් නිලමේ වරයා මේ පැමිණිල්ල කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කතරගම පොලීසියෙන් පඬුරු පෙට්ටිය අසල වට්ටියකට පඬුරු එකතුකරමින් සිටි කපුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

කෙසේවුවද, පොලිසියට ඊට වඩා වැඩි යමක් කිරීමට නොහැකි වූ අතර කතරගම කපු සනුහරේම කතරගම පොලිසිය වටලා අත්අඩංගුවට ගත් කපුවන් දෙදෙනා නිදහස් කරගෙන තිබිණි.

Trending

Exit mobile version