Connect with us

පුවත්

ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!

Published

on

මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

ඒ රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟය.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පසුගියදා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බව දන්වා තිබිණි.

මේ අතර ලංකා හොස්පිට්ල් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

ලංකා හොස්පිට්ල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.

අලි රාජා ටීවී රේඩියෝ ඇල්ලු අලි හවුල !

මේවන විට අලි රාජා ස්වර්ණවාහිනිය ඇතුළු රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන් විදුලි නාලිකා 3ක් ඇතුළත් ඊ.බී.සී. නොහොත් ඊඒපී බ්‍රෝඩ්කාසිටින් නෙට්වර්ක් ආයතනය, ස්කයි මීඩියා නෙට්වර්ක්ස් ට අයත් සිත රූපවාහිනී නාලිකා 2ක හා ගුවන් විදුලි නාලිකා 3 හා මැක්ස් බ්‍රෝඩ්කාසිටින් නෙට්වර්ක්ස්ට අයත් රූපවාහිනී නාලිකාව හා ගුවන් විදුලි නාලිකාව ඇතුළු මාධ්‍ය ජාලයන්හි අවසන් හිමිකරු බවට පත්ව සිටී.

මෙය දේශීය ආයෝජනයක් ලෙස පෙන්වාදීමට කටයුතු යොදා ඇතත්ත මෙය සම්පූර්ණයෙන්ම විදේශීය ආයෝජනයක් බව පැවසේ.

කෙසේවුවද, අදාළ තත්ත්වය යටතේ ඉන්දියාවේ හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය ඇතුළු විශාල එහි විශාල ආයෝජන කර ඇති අලි රාජා මහතා මෙම මාධ්‍ය ජාල ගැනීමත්, ටෙලිකොම් ඇතුළු සංනිවේදන ජාලය සියතට ගැනීමත් ලංකාවේ ජාතික ආරක්ෂාව ඇතුළු ආර්ථිකයට බලවත් බලපෑමක් වනු ඇති බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.

ස්වර්ණවාහිනී ගනුදෙනුව

ඔහු ස්වර්ණවාහිනියට මුදල් ආයෝජනය කළ ආකාරය අදටත් රහසක්ව පවතින බවත්, ඔහු විසින් අදාළ මුදල් බැර කර තිබුණේ ඔහුට අදාල ගිනුමකින් නොවන බවත් පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඊඒපී ව්‍යාපාර සමූහය, මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබියදී ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ‘ස්වර්ණවාහිනී’ මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් වලින් කොටසක් මිලදී ගත් විදේශීය සමාගමේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් බව රාජ්‍ය බුද්ධි අංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබූ බවද එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් 2019 නොවැම්බර් 15 වැනිදා MOD / TEC / 01 / MGMR Network / 2019 (04) යන ලිපි අනු අංකය මගින් මේ බැව් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා තිබිණි.

ඊඒපී ව්‍යාපාර සමූහයේ වත්කම්වලින් කොටසක් මෙසේ මිලදී ගත්තේ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) සඳහාය.

සුභාෂ් සාමාගම් නීතියට කොකා පෙන්නූ හැටි

මේ වන විට අදාළ සමාගම ලංකාවේ නීති රීති ද උල්ලංඝනය කරමින් ස්වර්ණවාහිනියේ 60%ක හිමිකාරිත්වය වක්‍රාකාරයෙන් ලබා ගැනීමට සමත්ව සිටී.

ඒ බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) විසින් එහි 40%ක ප්‍රමාණය හා ඇලෙක්ස් ලොවෙල් නැමැත්තා මෙහි ඉතිරි 20% ක ප්‍රමාණය මිලදී ගෙන තිබීම මගිනි.

එසේම ඊඒපී ව්‍යාපාර සමූහයට අයත් ස්වර්ණමහල්, ඊඒපී චිත්‍රපට හා අනෙකුත් සමාගම් සියල්ලට හිමි 40%ක කොටස් හිමිව ඇත්තේ සිංගප්පූරු සමාගමක් වන බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) සඳහාය.

බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික (Ben Holdings Pvt) සමාගමේ එල්.ටී.ටී.ඊ.යට සෘජු සම්බන්ධකම් ඇති පුද්ගලයන් තිදෙනෙකු සිටින බවට හෙළිවූයේ මේ සමාගම විසින් MGMR Networks (Pvt) Ltd වෙත අයත් මැක්ස් රූපවාහිනී (MGM Networks) ආයතනය මිලදී ගැනීමට කටයුතු කිරීම නිසාය.

එහිදී අදාළ රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට පෙර එම මිලදී ගැනීම සිදු කරනු ලබන සමාගමේ සිටින අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතිකයක් ගතයුතු අතර අදාළ නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට යාමේදී මේ තොරතුරු හෙළිදරව් වී තිබිණි.

ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය මිලදී ගැනීමේදී අධ්‍යක්ෂවරුන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්කාශන සහතික ගැනීමට අවශ්‍යවී නොමැති අතර ඒ අදාළ රූපවාහිනී නාලිකාව සතු බලපත්‍රය පැරණි එකක් වීම නිසාය.

ඊඒපී ව්‍යාපාර සමූහයට මුදල් යොදවන ලද බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික (Ben Holdings Pvt) සමාගම, බ්ලූ සමිට් කැපිටල් (Blue Summit Capital) හා ඇලෙක්ස් ලොවෙල් යන සියලුම පාර්ශවලට මුදල් ලබාදී ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයකු වන ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් කෝටිපතියකු බවට පත්වූ අලිරාජ් සුභාෂ්කරන් මහතා විසින් බවත් හෙළි විය.

ඔහු බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු බවද පැවසේ.

සබැඳි පුවත්

ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

ටෙලිකොම් ඩීල්එක ඩොලර් මිලියන 500 යි !

ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න තීරණයක් නෑ!

ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් රජයේ කොටස් විකිණීමට අනුමැතිය

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved