පුවත්

ප්‍රකට ව්‍යාපාරික, නීතීඥ හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි

Published

on

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කෙටි කලක් රෝගාතුරව පසුවූ ඔහු අභාප්‍රාප්ත වන විට 55 වැනි වියේ පසුවිය.

ඒ මහතා ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළ අතර ඔහු ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් දේපළ සංවර්ධන අංශයේ ප්‍රමුඛ බලවේගයක් බවට පත් කිරීමට ද සමත්වූ අයෙකි.

හේමක ද අල්විස් මහතා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

ඒ මහතාගේ දේහය හෙට (05) සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

Trending

Exit mobile version