පුවත්

පාන් හා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කිහිපයකම මිල පහතට

Published

on

පාන් හා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කිහිපයකම මිල පහතට

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක තොග මිල පහළ ගොස් ඇත.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 10%කින් පමණ අඩුවී ඇති බවයි.

එබැවින් සීනි, පරිප්පු හා ලූණු කිලෝග්‍රෑමයක තොග මිල රු. 30කින් අඩුවන බව ඔවුන් කියයි.

මේ අතර, අද (08) සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 15කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

තවද, බේකරි හිමියන්ගේ සංගමයද පවසා ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රු. 10කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

Trending

Exit mobile version