යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් අද (11) උදෑසන යළි ආරම්භ විය.
චෙන්නායි සිට පැමිණි පළමු ගුවන් යානය වන එලායන්ස් එයාර් සමාගමට අයත් 9I 101 යානය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබුණු අතර, එය උණුසුම් ලෙස පිළිගනු ලැබුණි. මෙම යානය පසුව යළි චෙන්නායි බලා පිටත් විය.
පලාලි සහ චෙන්නායි අතර සතියකට එලායන්ස් එයාර් සමාගමේ ගුවන් ගමන් 04ක් ක්‍රියාත්මක වනු ඇත.