ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ.
මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට පැවරෙන බලතල අනුවයි.
මේ පෙරේරා මහතා මෙම ධූරයට පත්වූ දෙවැනි අවස්ථාවයි. මීට පෙර ඔහු 2015 ජනවාරියේ සිට 2019 නොවැම්බර් දක්වා ලංකා බැංකුවේ සභාපති ලෙස සේවය කළේය.