ව්‍යාපාර

ලංකාවේ තැඹිලි වලට ජගත් වෙළෙඳපොළේ ඉල්ලුම වැඩිවෙයි

Published

on

ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය 117%කින් ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇති බව ද පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

තවද මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

(මුලාශ්‍රය – ලංකාදීප)

Trending

Exit mobile version