අද (19) දිනයේදී ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය හමුවේ, බලපෑමට ලක්වූ සිය අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන් යළිත් යථා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
එම නිසා මගීන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකර සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි ඔවුන්ගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටියි.