ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව එය අද දින සිදුකිරීමට නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා පැවසීය.