ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් අරඹමින් එරට ජාතික ගුවන් සේවය වන එයාර් සීෂෙල්ස් යානයක් එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවී තිබේ.
මෙම ගුවන් ගමන සදහා එයාර්බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
මගීන් 110 දෙනෙක් හා කාර්යමණ්ඩල සාමාජිකයන් සයදෙනෙකු රැගත් SEY 262 දරණ මෙම ගුවන් යානය අද අලුයම 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.