කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුවෙහි (SDB.N0000) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් එම බැංකුව මේ බව සඳහන් කර ඇත.
මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වන විට තල්වත්ත මහතා සතුව සණස සංවර්ධන බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොපැවැති බවත් බැංකුව පවසයි.
2022 නොවැම්බර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තල්වත්ත මහතා සණස සංවර්ධන බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.