ව්‍යාපාර

හිතුමනාපෙට විකුණන පොල්

Published

on

හැටන් නගරයට අද (05) දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පොල් තොග වශයෙන් අලෙවි කිරිමට විශාල තොග වෙලෙදුන් පිරිසක් පැමිණ තිබේ.

එම වෙළෙඳුන් ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩියක් රු 160 ක තොග මිලකට සිල්ලර වෙළෙඳුන්ට අලෙවි කළද සිල්ලර වෙලෙදුන් විසින් වැඩි ලාභයක් උපයා ගැනිමේ අරමුණින් පොල් ගෙඩියක් රු 180-220 දක්වා වු විවිධ සිල්ලර මිල ගණන් යටතේ අලෙවි කරනු ලබයි.

සිල්ලර වෙලෙදුන් කියා සිටින්නේ තොග වෙලෙදුන්ගෙන් ලබාගන්නා පොල් වලින් පොල්ගෙඩි කිහිපයක් නරක් වන බවත්, එහි පාඩුව පිරිමහ ගැනිම සදහා පොල් ගෙඩියකින් රු 30-40 ලාභයක් තබන බවත් ය.

Trending

Exit mobile version