කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ(12) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ(12) ගනුදෙනු නිමාවේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14,000 සීමාව පසුකර යාමත් සමඟය.
පසුගිය නොවැම්බර් මාසයේ සිට දර්ශකය ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර එය ඊයේ ඒකක 14,035. 81ක් ලෙස දැක්වුණි.
ඒ අනුව, ඊයේ දිනය තුළදි පමණක් දර්ශක අගය ඒකක 150.72 කින් ඉහළ යමින් 1.09% ක වර්ධනයක් වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිමකිරීමේ අපේක්ෂාවන් සමග බැංකුවල කොටස් සඳහා ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යෑම මීට හේතු වී ඇති බව නිරීක්ෂණයට ලක්ව තිබේ.