කලා

ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි

Published

on

ලංකාවෙන් හොලිවුඩ් ගිය පළමු රූ රැජිනවන මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය අභාවප්‍රාප්ත වූ පුවත හිටපු ලක් රූ රැජිනක් සේම ජනප්‍රිය නිලියක් වන ඇන්ජලා සෙනවිරත්න මහත්මිය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

මියයන විට මොරීන්  මහත්මිය 88වැනි වියෙහි පසුවූවාය.

1955 දී මිස් සිලෝන් කිරුළ හිමිකර ගත් ඇය 1955 වසරේ දී මිස් යුනිවර්ස් හි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවන අනුශූරතාව දිනා ගත්තාය.

මේ ජයග්‍රහණයෙන් පසුව 1958දී ඇයට “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබුණ අතර, ඇයගේ එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව මූලාශ්‍ර වාර්තා වල සදහන්ය. ඒ අනුව Play Boy සගරාවේ රුව පලවූ පළමු සහ එකම ලාංකික කාන්තාව වන්නෙත් ඇයයි.

20 Century Fox හා Universal International Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්‍රපට සදහා දායක වූ බව සදහන් වේ.

ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail වූ අතර ඒ යුගයේ සුන්දරම හොලිවුඩ් නිලියන් අතර ඇයටද ප්‍රමුඛ ස්තානයක් හිමි විය.

Marion Zamperelli සමග 1958 විවාහවූ ඇය 1970 දී ඔහුගෙන් වෙන්වී 1976දී William J. Ballard සමග විවාහ වුණි.

ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇගේ දියණිය පිළිකා රෝගයෙන් මිය යෑමත් සමග Maureen ගත කර තිබුනේ මාධ්‍යයෙන් දුරස් වූ ජීවිතයකි.

මිය යනතෙක් ඇය ලොසැන්ජලීස් හී ජීවත් වූ බව සදහන් වන අතර, දියණියගේ වියෝවත් සමගින් ඇගේ යාවත්කාලීන වූ තොරතුරු ඇත්තේ ඉතාමත් අඩුවෙනි.

Ceylon’s beautiful Queen Maureen Hingert (Maureen Neliya Ballardnée Hingert (born 9 January 1937) ,mother of @Gina…

Posted by Angela Seneviratne on Monday, June 30, 2025

Trending

Exit mobile version