පුවත්

එයාර්ටෙල් – ඩයලොග් ඒකාබද්ධ වෙයි

Published

on

භාර්ති එයාර්ටෙල් ලංකා (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා PLC සමගින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසන්නේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශ්ව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවය.

එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී.

Trending

Exit mobile version