පුවත්

කුළුබඩු වලට ප්‍රමිති සහතිකය අනිවාර්යය වෙයි

Published

on

ලබන මස සිට, ප්‍රමිති සහතිකය ලබා ගැනීම සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා හට අනිවාර්ය බවට ජාතික කුළුබඩු සංස්ථාව පවසයි.

මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ SGS ආයතනය, හැටන් නැෂනල් බැංකුව හා ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට ජාතික කුළුබඩු සංස්ථාව පියවර ගෙන තිබේ. 

මෙම ගිවිසුමට දෙසැම්බර් මස දෙවැනි සතියේදී අත්සන් තැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (15) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැත්වුණු අතර, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් මීට එක්විය.මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන නමුත්, ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම තුළින් ‘Sri Lanka Spice’ සන්නාමයට බරපතල හානි සිදු කර ඇති බවයි.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, අදාල ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කරයි.

Trending

Exit mobile version