Connect with us

පුවත්

ජනයාට බදු බර නොදී බදු නොගෙවන මෝරු අල්ලන්න යැයි ඉල්ලීමක්

Published

on

මේ වන විට වක්‍ර බදු වලින් මහජනතාව තවදුරටත් පීඩා කිරීම වෙනුවට ඉතා වංචනික ලෙස බදු නොගෙවන මහා පරිමාණයේ සමාගම් වලින් නිසි ලෙස බදු අයකරගැනීමට කටයුතු කරන මෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් සැප්තැම්බර් 20දා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ හෙළිදරව්ව අනුව පහත කරුණු හෙළිදරව් වන බවයි :

  • ආදායම් බදු ලිපිගොනු ඇති ව්‍යාපාරික සමාගම් 100,005 කින් බදු ගෙවා ඇත්තේ සමාගම් 25,692 ක් පමණි. ඒ අනුව සමාගම් 74,313 ක් බදු ගෙවා නැත.
  • VAT බදු වෙනුවෙන් ලියාපදිංචි ව්‍යාපාර 60,721 ක් ඇති අතර ඔවුන් පාරිභෝගිකයින්ගෙන් අය කරගනු ලැබූ ඪ්ඔ බදු පසුගිය සැප්තැම්බර් වන විට ආණ්ඩුවට භාරදී ඇත්තේ ව්‍යාපාර 185 ක් පමණි. ඉන් කියවෙන්නේ, ඉතිරි ව්‍යාපාර 60,536 විසින් පාරිභෝගිකයින්ගෙන් අය කරගනු ලැබූ ඪ්ඔ බදු ඔවුන් සන්තක කරගෙන ඇත යන්නයි.
  • ඉහළ පෙළේ නිමි ඇඳුම් ජාලයක් හිමි ව්‍යාපාරිකයෙකු සහ එවැනිම ඉහළ පෙළේ සුප(ර්) මාකට් ජාලයක් ආදායම් බදු කිසිවක් ගෙවා නැත.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 75 දෙනෙකු ආදායම් බදු ගෙවන්නේ නැත.

මේ අනුව “සියයට 83 ක් වක්‍ර බදු අය කෙරෙන මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ රුපියල් කෝටි සිය ගණනින් සිදුවන මෙවැනි බදු වංචා හේතුවෙනි. රජයට එළෙසින් අහිමිවන දේශීය ආදායම් පියවා ගැනීමට කිසිදු ආණ්ඩුවක් කිසිදු වැදගත් හා සාර්ථක පියවරක් නොගන්නා හෙයින් ජාවාරම්කාරයින් විසින් ආදායම් වංචා කිරීමේ පාඩුවට මුහුණ දිය යුත්තේ ජනතාවට,” බව එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

මෙලෙස වංචා කළ බදු අයකර ගැනීම වෙනුවට ආණ්ඩු විසින් වක්‍ර බදු අය කිරීමෙන් දඩුවම් කරන්නේ නැවතත් සාමාන්‍ය ජනතාවටම බවද එහි වැඩිදුරටත් දැක්වේ.

පසුගිය 06දා පැවති නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ මහ මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව පවසන එම සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පහත ඉල්ලීම් ත්‍රිත්වය ඉදිරිපත් කරයි.

  • ඉදිරි අයවැයට පෙර ඉහතින් සඳහන් බදු වංචා වලට අදාල ව්‍යාපාරිකයින්ගේ නම් සමග සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් මුදල් ඇමතිවරයාගෙන් වහා ඉල්ලා සිටින්නට කටයුතු කරන ලෙස
  • එම තොරතුරු ප්‍රකාශයට පත්කර ඒ සම්බන්ධ ජාතික කම්කරු උපදේශක සභාවෙහි අවසන් තීන්දුවක් ගන්නා තෙක් රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික පෞද්ගලික ආදායම් සඳහා පනවා ඇති ආදායම් බද්ද වහා අත්හිටුවීම
  • අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති ඪ්ඔ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කරන්නට සහ ඉකුත් ඔක්තෝම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන සියයට 2.5 ක සමාජ සංරක්ෂණ දායකත්ව බද්ද වහා අත්හිටුවීම

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved