Connect with us

පුවත්

රාජිත ඇතුළු පිරිසක් ආණ්ඩුවට

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඊයේ (නොවැ. 10) පැවසීය.

මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇතැයි කී රත්නප්‍රිය මහතා ඔවුන්ට ලබාදෙන ඇමති ධූර මොනවා දැයි ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි සඳහන් කළේ ය.

ආර්ථිකය, කෘෂිකර්මය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යාපාර ඇතුළු මේ රටේ කළමනාකරණය කළ යුතු අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර ගණනාවක් පවතින බවත් ඒ අනුව මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදුවන බව ත් හිටපු මන්ත්‍රීවරයා කීවේ ය.

ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එකතුවීමට සිටිය ද එතරම් ප්‍රමාණයකට වගකීම් ලබා දීමට නොහැකි ප්‍රශ්නයක් නිර්මාණය වී තිබෙන බව ද ඔහු පැවසීය.

(මූලාශ්‍රය මව්බිම)

Continue Reading

පුවත්

ජනපති රනිල්ගෙන් ඉරානයට ශෝක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.

ඔවුන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බව එහි සඳහන් වේ.

එමෙන් ම ශෝකයට පත් වූ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

Continue Reading

පුවත්

ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනාහිමිවරු ඉල්ලති

Published

on

By

ලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගියක් ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර 07ක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහත දැක්වෙයි.

Continue Reading

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved