පුවත්

දංකොටුව පෝසිලේන් විකුණන්න තීන්දු කරයි

Published

on

ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව දංකොටුව පෝසිලේන්හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.51 ක් පවතින අතර ඉන් සියයට 50.1 ක් අළෙවි කිරීමට ගිවිසුම්ගත වී ඇතැයි පැවසේ.

ආයෝජන සමාගමක් වන සිලෝන් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම එම කොටස් රුපියල් මිලියන 2,304 කට අධික මුදලකට ගැනීමට නියමිතය.

දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී

Trending

Exit mobile version