පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, තවත් සය මසක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව, මෙම අත්හිටුවීම 2025 ජනවාරි 05දා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කෙරේ.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම තීන්දුව ගෙන ඇත.