ව්‍යාපාර

පාන් මිල අඩුවෙයි(update)

Published

on

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවය.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමන එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

(පෙර පුවත 2025 පෙබරවාරි 18 පෙ.ව.9.59)


බේකරි නිෂ්පාදනවල මිල ගැන තීරණය අද

බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

ඒ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමේ අරමුණිනි

මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට වෙළෙඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද අදාළ සමාගම් ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version