ව්‍යාපාර

මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

Published

on

මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසයි.

ඒ, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙනි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවේ, ලින්නෝ කිලෝග්‍රෑමයක් රුපියල් 2200 කට අලෙවි වන බවය.

තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200 කටත් අලෙවි කෙරෙන බවයි පැවසේ.

තෝරා මාළු කිලෝග්‍රෑමයක් අද (21) දිනයේ රුපියල් 2500 කට අලෙවි කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version