පුවත්

ලංකාවේ මැණික්වලට ඇමරිකානු ඉල්ලුම අඩු වෙලා?

Published

on

ඇමරිකාවේ මේ වනවිට පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මැණික් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි.

එසේ වුවද ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යෑම සමඟ මෙරටට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ලැබෙන ආදායම පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඉකුත් වර්ෂයේදී (2022) ඇමරිකාවට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 53.88ක ආදායමක් උපයා ඇති අතර එය කොවිඩ් වෛරස් තත්වයෙන් පසු ඇමරිකාවට මැණික්, ස්වර්ණාභරණ අපනයනයෙන් ලද ඉහළ ආදායම වේ.

තවද පසුගිය වසරේදී මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති තායිලන්තයට අපනයනය කිරීම මඟින්ද ඩොලර් මිලියන 34.5ක පමණ ආදායමක් මෙරටට ලැබී ඇත.

එසේම මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 330ක පමණ ආදායමක් උපයා ඇති අතර, එය ඉකුත් වසරට (2022) සාපේක්ෂව 30% ක වර්ධනයකි.

මෙලෙස ආදායම ඉහළ ගියද ප්‍රමාණාත්මකව මෙරට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවදුරටත් පවසයි.

Trending

Exit mobile version