ව්‍යාපාර

සයිනොපෙක් මෙරට වැඩ අල්ලයි

Published

on

චීනයේ සයිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) ආරම්භ කර ඇත.

ඒ අනුව සංස්ථාවට අයත් නිල ලාංඡන ඉවත්කර ඒ වෙනුවට සයිනොපෙක් ලාංඡනය මෙම පිරවුම් හලේ ඉන්ධන පොම්පවල ඇලවීමට කටයුතු කර ඇත.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16ක් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර, සෑම ඉන්ධන වර්ගයකින්ම ලීටරයකින් රු. තුනක සහනයක් ජනතාවට ලබා දී ඇත.

එමෙන්ම ඔක්තෝබර් වන විට ඉන්ධන පිරවුම්හල් 150ක කළමනාකාරිත්වය සයිනොපෙක් සමාගමට පියවර කිහිපයක් යටතේ ලබාදීමට නියමිතය. මීට අමතරව, එම සමාගම විසින් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරීමටද ආයෝජනයක් සිදුකිරීමට නියමිතය.

Trending

Exit mobile version