පුවත්

හවුස් ඔෆ් ෆැෂන් ගැටුම; ගහපු 2ක් රෝහලේ; ගුටිකාපු අය පොලිසියට

Published

on

බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියේදී තුවාල ලැබූ නිමි රෙදිපිළි වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙම ගැටුමේදී සේවකයන් අතින් පයින් මෙන්ම පොලුවලින්ද පහරදී තිබෙන අතර පාරිභෝගිකයාද මොවුන්ට බකට්වලින් සහ අතින් පයින් පහරදී ඇති බව පොලිසිය තහවුරුකරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ගැටුමට මුල් වූ හයිලෙවල් පාර මහරගම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකගෙන් ඊයේ (23) පොලිසිය ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

එසේම, සාප්පු සංකිර්ණයේ සේවක පිරිසකගෙන්ද ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කෙසේවුවද, මෙම ගැටුමට අදාළව මෙතෙක් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත.

ගැටුමට මුල..

හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) සාප්පු සංකීර්ණයේ රථගාලේ පෙරේදා (21) රාත්‍රියේ කිසියම් පුද්ගලයකු වාහනයක් නවතා වෙළඳ සංකීර්ණයට නොයා වෙනත් කටයුත්තක් සඳහා බැහැරව ගොස් ඇත.

මෙම අවස්ථාවේදී වෙළඳ සංකීර්ණයට පැමිණි තවත් පාරිභෝගිකයකු ආපසු යාම සඳහා රථගාලේ වාහනය අසලට පැමිණ ඇති මුත් ඉහත කී පුද්ගලයාගේ වාහනය නිසා එය ඉදිරියට ගැනීමට අපහසු වී ඇත.

මේ සම්බන්ධයෙන් මෙම පාරිභෝගිකයා සිය බිරිඳ සමග ගොස් සාප්පු සංකීර්ණයේ ආරක්ෂකයන් හා සේවකයන් අතර ගැටුමක් ඇතිකරගෙන ඇති අතර ඒ අනුව සේවකයන් එක්ව මෙම පුද්ගලයාට පහර දී ඇති බව පැවසේ.

නිදහසට කරුණු 

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්  හවුස් ඔෆ් ෆැෂන් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් අපහසුතාවට පත්වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාගම සමාව ඉල්ලා සිටන බව ඊයේ (23) දන්වා සිටියේය.

මෙම සිදුවීම හරහා තම ආයතනය පාරිභෝගිකයන් සමග පවත්වාගෙන යන කීර්තිනාමයට හානියක් වී ඇති බවට දැනෙන බවත් ආයතනය හැකි උපරිමයේ තම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

එක පැත්තක CCTV

මේ අතර, එම ආයතනය විසින් හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත එක පැත්තක CCTV දර්ශන නිකුත් කර තිබිණි.

ඒවා පහත දැක්වේ.

පාරිභෝගිකයකු විසින් සිද්ධිය පටිගතකර සමාජ මාධ්‍යට මුදාහැර තිබූ දර්ශන.

සබැඳි පුවත්
හවුස් ඔෆ් ෆැෂන් හි බඩු විකුණන චණ්ඩි සොයා පොලිස් පරීක්ෂණයක්

Trending

Exit mobile version