ව්‍යාපාර

60 වසරකට පසුව Nokia වෙනස්වෙයි

Published

on

හැට වසරකට පසුව සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන NOKIA සමාගම තීරණය කර තිබේ.

මෙම වෙනසේ කොටසක් ලෙස NOKIA සමාගම සිය නිල ලාංඡනයද වෙනස් කර ඇත.

නව ලාංඡනය NOKIA යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වන අතර, සාම්ප්‍රදායිකව පැවති නිල් පැහැය වෙනුවට වර්ණ කිහිපයක සංකලනයක් ඇතුළත් වේ.

කලින් ස්මාර්ට්ෆෝන් සමාගමක් ලෙස ප්‍රසිද්ධ වූ NOKIA මේ වන විට ව්‍යාපාරික තාක්ෂණික සමාගමක් බවට පත්ව ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී – පෙකා ලුන්ඩ්මාර්ක් රොයිටර් පුවත් සේවය හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබේ.

Trending

Exit mobile version