ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල මිල වැඩි වන අයුරු ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත.
මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360ක් වන අතර කිලෝග්‍රෑම් 5, රුපියල් 1,750ක් දක්වාත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රුපියල් 815ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.
(පෙර පුවත 2022.11.06 පෙ.ව.11:02)
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (06) සිට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදලකින් ඉහළ යනු ඇති බව එම සමාගම පවසයි.
එසේ වැඩිවන මිල ගණන පසුව දැනුම්දීමට නියමිතය.