Connect with us

පුවත්

LOLCයට පෝර්ට් සිටියේ හෝටලයක් ගහන්න අනුමැතිය ලැබෙයි!

Published

on

කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

සිසුන් 1000කට පමණ අධ්‍යාපනය ලැබිය හැකි ජාත්‍යන්තර පාසල ඩොලර් මිලියන 40ක පමණ අයෝජනයකි. 

ඇඳන් 1000කින් යුත් ජාත්‍යන්තර රෝහල ඩොලර් මිලියන 105ක පමණ අයෝජනයකි. 

ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රස්ථානය ඩොලර් මිලියන 500ක ආයෝජනයක් වන අතර එහි ඉදිකිරීම් ඉදිරි මාස තුන තුළ ආරම්භ කිරීමට නියමිතය. 

ප්‍රකට ව්‍යාපාර සමාගමක් එල්.ඕ.එල්.සී. ආයතනයේ ආයෝජනයක් වන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හෝටලයේ මූලික ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 14ක් පමණ වැයකෙරෙන බව සඳහන්ය. 

දැනටමත් මැරිනා හොටෙල් නමින් නම්කර ඇති එය තරු 5 හෝටලයකි. 

මේ අනුව මුළු ආයෝජන වටිනාකම ඩොලර් කෝටි 65.9ක් පමණ වෙයි.

මූලාශ්‍රය – දේශය

පුවත්

ග්‍රාම නිලධාරීන් දේශපාලන රැස්වීම් වර්ජනයක

Published

on

By

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි.

එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය  

Continue Reading

පුවත්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

Published

on

By

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටිය දී වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇත.

මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර 60 හැවිරිදි මුහුදු වෙරළ පාර, ඔලුවිල් හි පදිංචි ව සිටි තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුරින් තුවාල ලබා නොමැති බව සඳහන් වේ.

නාවික හමුදාව විසින් වෙනත් ධීවර බෝට්ටුවක සහාය ඇති ව මෙම පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කර ඇත.

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

මත් කුඩු කිලෝ 450ක් අද පුත්තලමේදී විනාශ කෙරේ

Published

on

By

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද  පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදු කෙරේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කරනු ලබයි.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ විසින් පසුගිය කාලවකවානුවේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව දැනට නඩු කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved