පුවත්

බැංකු තැන්පතු වලට අලුත් නීතියක් එයි

Published

on

තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත නියෝග කර ඇත.

1988 අංක 30 දරන බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම විධාන නිකුත් කර ඇත.

ඒ අනුව, ගනුදෙනුකරුවන් බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගමක තැන්පතු ආරම්භ කිරීමේදී එක් එක් ගිණුම් හිමියන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම මෙම වසරේ ඔක්තෝබර් 1 වන දා සිට අනිවාර්ය වනු ඇත.

එසේ වුව ද දැනටමත් ගිණුම් පවත්වාගෙන යන තැන්පතුකරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක යාවත්කාලීන කර අවසන් කිරීම සඳහා 2023.12.31 දක්වා කාලය ලබා දී තිබේ.

එමෙන්ම බාලවයස්කාර තැන්පතුකරුවන් හට උපන් දිනය සහ උප්පැන්න සහතික අංකය සටහන් කිරීම මගින් ලබා ගන්නා ඉලක්කම් 12කින් යුතු අංකය ඒ සඳහා භාවිත කළ හැකි බව ද මහ බැංකුව වැඩිදුරට ත් සඳහන් කරයි.

Trending

Exit mobile version