කලා

ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා ලංකාවට

Published

on

ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා ලංකාවටජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා (Vijay Deverakonda) ලංකාවට පැමිණ තිබේ.

ඒ ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය.

එම රූගත කිරීම් දින 20ත් 30ත් අතර කාලයක් සිදුකෙරෙනු ඇත.

චිත්‍රපටය තාවකාලිකව නම් කර ඇත්තේ ‘Vඪ්12’ යන නමිනි. එය ත්‍රාසය භීතිය මුසු ක්‍රියාදාම නිර්මාණයක් වන බව සඳහන් වේ.

පසුගිය දා එහි මූලික අදියරේ රූගත කිරීම් අවසන් කළ අතර, එහි මීළඟ අදියර මෙරටදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා කර තිබුණි.

එම චිත්‍රපටයේ විජේ රඟදක්වන්නේ ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ මෙතෙක් නොකළ චරිතයක් බව සඳහන් වන අතර.එහි ප්‍රධාන නිළිය ‘භාග්‍යශ්‍රී බෝර්ස්’ වන අතර නිර්මාණය පිළිබඳව වැඩිදුර තොරතුරු මුදාහැර නොමැත.

චිත්‍රපටය  Gowtam Tinnanuri ගේ අධ්‍යක්ෂණයකි. එය මෙම වසර අගදී තිරගත වීමට නියමිත බව සඳහන් වේ.

Trending

Exit mobile version