25 වැනි ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (SIFF) නියෝජනය කිරීමට “ද නිවුස්පේපර්” චිත්‍රපටයට අවස්ථාව ලැබී තිබේ.
එම සිනමා සම්මාන උළෙල ඊයේ (09) නැගෙනහිර චීන අගනගරයේ ෂැංහයි දී ආරම්භ වූ අතර එය ලබන 18 වැනිදා දක්වා පැවැත් වේ.
“ද නිවුස්පේපර්” චිත්‍රපටය තරගකාරී නොවූ ‘ඉන්ටර්නැෂනල් පැනොරාමා’ කාණ්ඩය යටතේ හොඳම කුලුඳුල් චිත්‍රපට 12 අතරට තේරීපත්ව ඇත.
වසර 1993 වර්ෂයේදී ආරම්භ වූ ෂැංහයි සිනමා උලෙළ නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට වරම් හිමි වූ 09 වැනි අවස්ථාව මෙය බවද පැවැසේ.
මේ වසරේ Golden Goblet සම්මාන සඳහා කෘති 53ක් කෙටි ලැයිස්තු ගත කර ඇති බව චීන මාධ්‍ය අනාවරණය කර ඇත.
දෙස් විදෙස් චිත්‍රපට 450කට ආසන්න ප්‍රමාණයක් ෂැංහයි නගරයේ සිනමාහල් 41ක දින නවයක් පුරා ප්‍රදර්ශනය කෙරෙන අතර ලෝක මංගල දර්ශන 53ක්, ජාත්‍යන්තර මංගල දර්ශන 41ක්, ආසියානු මංගල දර්ශන 80ක් සහ චීන මංගල දර්ශන 76ක් එයට ඇතුළත් බව සංවිධායකයෝ පවසති.
25 වැනි SIFF හි ගෝල්ඩන් ගොබ්ලට් සම්මාන උළෙලට තරග අංශ පහක් ඇත:
විශේෂාංග-දිග චිත්‍රපට, නව ආසියානු දක්ෂතා, වාර්තා චිත්‍රපට, සජීවිකරණ චිත්‍රපට සහ කෙටි චිත්‍රපට ඊට ඇතුළත් වෙති.