ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ ලීනා ද සිල්වා මහමත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
කැනඩාවේදී මියයන විට ඇය 87 වන වියේ පසුවූවාය.
1954 වසරේදී අහංකාර ස්ත්‍රී චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමින් සිනමාවට පිවිසි ඇය,1956 වර්ෂයේ තිරගතවූ සුරතලී චිත්‍රපටයට මෙන්ම සොහොයුරෝ, සුන්දර බිරිඳ, සුනීතා සහ නළඟන ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.
එසේම1994 වසරේ යළි තිරගතවූ සුජාතා චිත්‍රපටයේ සීතා රංජනීගේ චරිතයට රංගනයෙන් දායක විිය.
දෙදරු මවක් වන ඇය අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රූපසේන මහතාගේ ආදරණිය බිරිඳ වූවාය.