බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම සැකකරුව අතඅඩංගුවට ගෙන තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේ දී නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සමඟ සයිෆ් අලි ඛාන්ගේ නිවසේ ඇති වූ ගැටුමකදී ඛාන් පිහි ඇණුමකට ලක් වී රෝහල්ගත කෙරුණි.
සයිෆ් සැත්කමකින් අනතුරුව මේවන විට සුවය ලබමින් සිටී.
සබැඳි පුවත්