කලා

ෂාරුක් ටයිම් ඡන්දයෙන් එක වෙයි!

Published

on

ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත.

ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබයි.

මෙවර ටයිම් බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට මෙවර  ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්, හැරී කුමරු, මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා යන පිරිස ඇතුළත්ව සිටියේය.

ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබා ගෙන ඇත.

දෙවන ස්ථානය සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නිදහස වෙනුවෙන් සටන් වැදි ඉරාන ජාතික කාන්තාවක් වන මාසා අමේනි හිමි කර ගෙන තිබේ.

ඉරාන සදාචාර පොලිසිය මගින් අත්අඩංගුවට ගැණුනු 22 හැවිරිදි මාසා අමේනි තරුණිය අත්අඩංගුවේ සිටියදී මියගිය අතර පසුව ඇය වෙනුවෙන් එම කලාපයේ විරෝධතා පැවැතිණි. 

ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ එරට පවතින ඇදුම් පැළදුම් සංග්‍රහය උල්ලංඝනය කල බවට චෝදනා කරමිනි.

තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය හිමිකරගෙන ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 1.9 කි.

Trending

Exit mobile version